gov

සිංහල
  • මේ වන විට 230,000 පමණ ශ්‍රී ලංකිකයන් ප්‍රමාණයක් සේවායෝජකයන් හෝ ව්‍යවසායකයන් ලෙස කටයුතු කරන අතර, එය මෙරට සමස්ථ ශ්‍රම බලකායෙන් 2.8% ප්‍රතිශතයකි.
  • කර්මාන්ත සහ වානිජ්‍ය කටයුතු අමාත්‍යංශය සඳහන් කරන අන්දමට උක්ත ව්‍යවසායකයන්ගෙන් 75% වඩා වැඩි පිරිසක් අයත්වන්නේ සුළු සහ මාධ්‍ය පරිමාන ව්‍යවසායකයන් ගණයටය. එම තත්ත්වය මත තායිලන්තය සහ වියට්නාමය වැනි අනෙකුත් ආසියාතික රටවල් සමග සසැදීමේදී ශ්‍රී ලංකාව ව්‍යවසායකත්වය අතින් පසුවන්නේ පියවරක් පිටුපසිනි.
  • වියට්නාමයේ සමස්ථ ශ්‍රම බලකායෙන් 19.6% ව්‍යවසායකයන් හෝ සේවායෝජකයන් වන අතර තායිලන්තයේදී එය ඊටත් වඩා වැඩි අගයක් එනම් 27.5% ගනු ලබයි.
  • අධික ජනගහනයක් සහිත රටවල් වන බංග්ලාදේශයේ සහ චීනයේ ව්‍යවසායකයන් හෝ සේවායෝජකයන්ගේ ප්‍රමාණය සමස්ථ ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් වශයෙන් පිළිවෙලින්, 11.6% සහ 7.5% අගයක් ගනී.
  • ශ්‍රී ලංකාවට සමාන ප්‍රමාණයේ ජනගහනයක් පවතින රටවල් වල මෙම අගය 10% වැනි ස්ථාවර මට්ටමක පවතී.
  • මේ තත්ත්වයන් අනුව බලන කල ශ්‍රී ලංකාව පසුවන්නේ අනෙකුත් රටවල්වලට සාපේක්ෂව තරමක් පිටුපසින් වන අතර ගෝලීය ආර්ථික ප්‍රවාහය සමග තරග වැදීමට ත්, රටක් වශයෙන් ලඟා කර ගැනීමට අපේක්ෂා කරන ආර්ථික වර්ධනවේගයන් සාක්ෂාත් කර ගැනීම උදෙසාත් ව්‍යවසායකයින් ප්‍රමාණය ඉහල නංවාගත යුතුය.
01 02 11
  • V2025 එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හරහා නව ව්‍යවසායකයන් 100,000 බිහි කිරීම සඳහා අවශ්‍ය පෙළඹ වීම සිදුකිරීමටත්, අවශ්‍ය සහයෝගය ලබා දීමටත් පමණක් නොව වත්මන් ව්‍යවසායකයන් නගාසිටුවීමට ද අපේක්ෂා කරයි.
  • ව්‍යවසායකත්ව (සහ ව්‍යවසායකතවය හරහා ස්වයං රැකියා බිහිකිරීම සඳහා) ක්‍රමයක් නිර්මාණය කිරීම ආරම්භ කිරීම මගින් ශ්‍රී ලංකාව අපනයන වෙළෙඳාම පදනම්කරගත් ආර්ථිකයක් බවට පරිවර්ථනය කිරීම.
  • වත්මන් ව්‍යවසායකයන්ගේ සහ ව්‍යවසායකත්ව විභවයක් සහිත අයවලුන්ගේ හැකියාවන් සංවර්ධනය..
  • V2025 එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ආරම්භය ශ්‍රී ලංකාව වෙනස් කිරීමට උත්ප්‍රේරකයක් වනුඇත. එමෙන්ම මහජනයා රජය වෙතින් සියල්ලක්ම ඉල්ලා සිටින යුගයක ව්‍යවසායකතත්වය සඳහා ධෛර්යය සැපයීමත් ආත්ම විශ්වාසය ගොඩනැංවීමත් සිදුකරනු ඇත.
  • ග්‍රාමීය මට්ටමින් ආරම්භ වී ශ්‍රී ලංකාව ගෝලීය වටිනාකම් දාමය සමග ඒකාබද්ධ කරමින්, සෑම දෙනාටම ව්‍යාපාරික ඉඩප්‍රස්ථා විවරකරන ව්‍යවසායකත්ව විප්ලවයක් සඳහා වූ වේදිකාවක් බවට මෙම වැඩසටහන පත්වනු ඇත.
  • ශ්‍රී ලාංකේය කාන්තා ව්‍යවසායකයන්ගේ සහභාගීත්වය වැඩිකිරීමටත් ඔවුන් ධෛර්යමත් කිරීමටත් මෙම ව්‍යාපෘතිය දායක වෙනු ඇත. එපමණක් නොව ව්‍යවසායකයන් බවට පත් වීමට ඔවුන් දරන වෑයම ව්‍යවසායකතව ක්‍රියාන්විතයේ ප්‍රමුඛස්තානයකට ඔසවා තැබීමත්, හැකියාවන් සහ සම්පත් ලබාදීම මගින් ඔවුන්ගේ ආරම්භයන් දිරිමත් කිරීමත් මෙමගින් සිදුකරනු ඇත.
  • ශිෂ්‍යයන් සහ විශේෂ අවශ්‍යතා සහිත සමාජ කණ්ඩායම් අතර ව්‍යවසායකත්වයන් දිරිමත් කිරීම ද, සෙසු සෑම සමාජ කොටසක් අතරම නවෝත්පාදනයන් සහ නව්‍යතා සම්පාදනය දිරිමත් කිරීම මගින් ජාතික ආර්ථිකයට දායකත්වයක් සැපයීමට ඔවුන් පොලඹවා ගැනීම ද මෙමගින් සිදුකරනු ඇත.
  • ග්‍රාමීය මට්ටමින් ආරම්භ කිරීම තුල, සමාජයේ බිම්මට්ටමින් නව්‍යතා කෙරෙහි යොමුවුනු නවීන මනෝභාවයන් ගොඩනැංවීමත්, එමගින් ග්‍රාමීය ආර්ථිකය ගෝලීය ආර්ථිකය සමග සම්බන්ධ කොට දියුණු කිරීමත් සිදුකරනු ඇත.මෙම නව ඇරඹුම, ඒකපුද්ගල ආදායම, විදේශ ඍජු ආයෝජනයන් සහ අපනයනයන් යන ධනාත්මක වූත් ප්‍රමුඛ වූත් ආර්ථික අරමුණු කිහිපයක් ඉලක්ක කොටගනිමින් ක්‍රියාවට නංවෙනු ඇත.
  • මේ හැරුණු කොට කාන්තාවන්ගේ සහ විශේෂ අවශ්‍යතා සහිත සමාජ කොටස්වල ආදායම් ඉහල නංවාලීමට ද මෙමගින් සහයෝගයන් ලැබෙනු ඇත.